කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික අංශ මාස 06 කට පමණ පසුව අද නැවත විවෘත කරෙනවා.
ළමුන් 200ට අඩු පාසල් පසුගිය 21 වනදා සිට විවෘත කිරීමට රජය පියවර ගත්තා.
පාසල් නැවත විවෘත කිරීමේ දෙවන අධියර ලෙස දිවයිනේ සියලූම පාසල්වල 01 සිට 05 දක්වා ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු අද ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කලා.
මෙහිදී නිල ඇඳුමින් සැරසී පැමිණීම අනිවාර්යය නොවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ඒ අනුව නිල ඇදුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇදුමකින් සැරසී පාසල් වෙත පැමිණිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියාසිටියේ.
එමෙන්ම සපත්තු පැළඳීම ද අනිවාර්යය නොවනු ඇති.
ළමුන් පාසලට එවීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසට වෛද්‍යවරුන් දෙමව්පියන්ට උපදෙස් දෙන්නේ.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ නම් ළමුන් පාසල් වෙත ගෙන්වීමට කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැතැයි ඔවුන් අවධාරණය කරනවා.