බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමු දිනයේ දිවා විවේකය සදහා තරගය නතර කරනවිට ශ්‍රී ලංකාව කිසිවෙකුත් නොදැවී ලබාසිටි ළකුණු සංඛ්‍යාව 61 ක්.
දිමුත් කරුණාරත්න සමගින් පැතුම් නිශ්ශංකයි කඩුල්ලේ රැඳී සිටින්නේ.
මේ අතර දිවා විවේකය සඳහා තරගය නතර කිරීමට ටික වේලාවකට පෙර දිමුත් කරුණාරත්නගේ විසින් පහර දෙන ලද පන්දුවක් සිය හිස්වැස්මේ වැදීමෙන් කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ රෝහල්ගත කෙරුණා.
සොලොසානෝ ටෙස්ට් වරම් දිනාගත්තේද අද දිනයේදී වීම විශේෂත්වයක්.