කොටදෙණියාව වත්තේමුල්ල බාඳුරාගොඩ ප්‍රදේශයේ දී අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය සහ කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ දරුවන් දෙදෙනා අතුරුදහන්ව සිටි කාල සීමාවේදී රැදී සිටි ස්ථාන සහ අතුරුදහන්වූ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ.
කාන්තාවක් විසින් අද පෙරවරුවේ මෙම දරුවන් දෙදෙනා මීරිගම පොලිසියට භාරදීමට කටයුතු කර තිබුණා.
දින 43 කට පසුව අතුරුදහන්ව සිටි මෙම දරුවන් දෙදෙනා සොයාගැනීමට හැකිවූ අතර මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් පළකල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා