දින 36 කට පසු නැවතත් මෙරට දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ගියා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2370 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 04 දහස් 202 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 26 448 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 73 දහස් 496 දක්වා ඉහළ ගියා.
මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4324 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනයේදී තවත් මරණ 66 ක් තහවුරු වීමත් සමගයි.
ඉන් 49 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 17 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
