ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ දින 260 කට ආසන්න කාලයක් පැවති ලොක්ඩවුන් තත්වය අවසන් කර තිබෙනවා.
ලොව වැඩිම කාලයක් ලොක්ඩවුන් කර තැබුණු නගරය ලෙස සැළකෙන්නේද මෙල්බර්න් නගරයයි.
අවස්ථා 06 කදී එහි සංචරණ සීමා ක්‍රියාත්මක වුණා.
ඔස්ටේ්‍රලියාවේ දෙවන විශාලම නගරයද වන මෙල්බර්න් නගරයද ඇතුළත් වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 70 ඉක්මවා යාමත් සමගයි මෙලෙස සංචරණ සීමා ඉවත් කෙරුණේ.
මේ අතර ලබන පළමුවනදා සිට විදේශයන්හි සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි බල නොපැවැත්වෙන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිල වශයෙන් නිවේදනය කලා.
කෙසේවෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයන් පැය 24 ක් තුළ ලබාගත් සෘණාත්මක පී සී ආර් වාර්තාවක් රැගෙන ආ යුතුයි.
එන්නත්කරණයට ලක්ව නොමැති පුද්ගලයන්ට නිවාස හෝ හෝටල් නිරෝධායන රෙගුලාසි අඛණ්ඩව බලපැවැත්වෙනු ඇති.