ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.
කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියාසිටියේ ඉන් මෙට්‍රික් ටොන් 10,000 ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට තමන් උපදෙස් දුන් බවයි.
අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 08 කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවයි.