අධිකරණ නියෝගයක් හමුවේ ගුවන් යානය පිටත්වීමට නොහැකිවීමෙන් දින 02 ක් පුරා මෙරට රැඳී සිටි රුසියානු ජාතිකයන් පිරිස අද දහවල් නැවතත් එරට බලා පිටත්ව ගොස් තිබෙනවා.
අද පෙරවරුවේ මොස්කව් සිට හිස්ව පැමිණි එරොෆ්ලොට් ගුවන් සමාගමේ ඒ 330 ගුවන් යානය මගින් මෙම පිරිස රැගෙන ගොස් ඇති බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කලේ.
මේ අනුව කොළඹ සිටි රුසියානුවන් 275 දෙනෙකු මෙම යානයෙන් පිටත්ව ගොස් තිබුණා.
අදාළ ගුවන් යානය රඳවා තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා හෙට කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතයි.
