වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ (29) දිනය වාර්තා වී තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ පුද්ගලයින් 515,830 දෙනෙකු සඳහා එන්නත්කරණය සිදුකර ඇත.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්රාව ඊයේ දිනයේ පුද්ගලයින් 418,494 දෙනෙකුට ලබාදී තිබේ.
දෙවන මාත්රාව ලෙස සයිනොෆාම් එන්නත් මාත්රා 56,738 ක් ලබා දී ඇත.
එමෙන්ම ෆයිසර් මාත්රා 38,430 ක් සහ මොඩර්නා මාත්රා 2,168 ක් ද ඊයේ දිනය තුළ ලබා දී ඇත.
