කුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශණ ඇතුලත් වීඩියෝ පට 100 කට ආසන්න සංඛ්‍යාවක් දිනක් තුලදී අන්තර්ජාලයට මුදාහැරි මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් කරුණු අණාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.
මෙරට සිටින ඕනෑම පුද්ගලයෙක් විසින් ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශණ අන්තර්ජාලයට එක් කරනු ලබන අවස්ථාවකදී ළමා හා කාන්තා කාර්යාංශය සතු නවීන තාක්ෂණික හැකියාවන් හේතුවෙන් අදාල පුද්ගලයින් පැහැදිලිව හදුනාගැනීමේ හැකියාව පවතින බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
මේ ඒ සම්බ්නධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්යේශඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.