දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙදෙනෙකුට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
දික්වැල්ල පොලිස් වසමේ කෝන්දෙණිය ප්‍රදේශයේ කොරෝනා හේතුවෙන් මිය ගිය පුද්ගලයෙකුගේ නිවසේ අනෙක් පිරිස සදහා නිරෝධායනය කරවීමට ගිය අවස්ථාවේදීයි මේ ආකාරයෙන් අදාළ බාධාකිරීම් සිදුකර ඇත්තේ.
කොරෝනා වසංගතය සමග සිය රාජකාරිවල නිරත නිලධාරින් සදහා රාජකාරියට බාධාකිරීම් සිදුකළහොත් ඉතා දැඩිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.