සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් ගැහැණු ළමුන් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.
ඔරුවේ ගමන් කළ බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකුව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ව රෝහල්ගත කර ඇත.
අතුරුදන්ව ඇති ගැහැණු ළමුන් තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
