ආණ්ඩුව ආරම්භයේ සිටම ගත් වැරදි තීරණ හේතුවෙන් අදවනවිට සමස්ත රටවැසියන් වන්දි ගෙවමින් සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සදහන් කළේ.
කොවිඩ් වසංගතයෙන් රට පත්ව ඇති අවදානම් තත්වය තේරුම් ගනිමින් තීන්දු තීරණ ගැනීමේ බලය දැන්වත් සෞඛ්‍ය අංශ ප්‍රධානින් වෙත ලබාදෙන ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා රජයෙන් ඉල්ලා සිටියා.
කොවිඩ් වසංගය මධ්‍යයේ වත්මන් ආණ්ඩුව සිදුකරන සෑම දූෂිත ක්‍රියාවකටම එරෙහිව සමගි ජන බලවේගය රජයක් යටතේ දඩුවම් කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළා