අද හෙට හා අනිද්දා යන දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම / සබරගමුව / හා ඌව පළාත්වලත් කළුතර / ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා. දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මෙම තත්වයට හේතුවයි.