දරුණු පෝලිම් යුගයකට රට ක්‍රමයෙන් පැමිණෙමින් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා පවසනවා.
ඉදිරියේදී ඉන්ධන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ආණ්ඩුව විසින් කූපන් ක්‍රමයක් හඳුන්වාදීමට ඉඩ ඇති බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.
ගාල්ලේ ඊයේ (22) පැවති වැඩසටහනකදී ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළා.