දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙළඳාම් කටයුතු සඳහා විවෘත කිරීමත් සමග එළවළු කිලෝ ලක්ෂ 50 කට ආසන්න ප්‍රමාණයක් අද අලුයම ලැබී තිබෙනවා.
සෑම එළවළුවක් සදහාම මධ්‍යස්ථ මිලක් පැවතීමත් – එළවළු මිලදී ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ව්‍යාපාරිකයන් පැමිණීමත් නිසා සාර්ථකව එළවළු තොග අලෙවි වන බවයි නිව්ස් රේඩියෝ වාර්තාකරු සඳහන් කලේ.
උඩරට එළවලු කිලෝවක් රුපියල් සියයේ සිට 180 දක්වාද පහත රට එළවලු කිලෝවක තොග මිල රුපියල් අසුවේ සිට 140 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ ද අලෙවි වී තිබෙනවා.
කෙසේවෙතත් කැකිරි, පිපිඤ්ඤා සහ බීට් රූට් කිලෝව රුපියල් 30 ටද අඩු මට්ටමකයි පැවතී ඇත්තේ.
