එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම අගෝස්තු මාසයේදි මෙරටට පැමිණිමට නියමිතයි.
විස්සයි විස්ස තරග 3 ක් හා එක්දින තරග 03 ක් තරගාවලියට ඇතුලත් අතර සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදියි.
කොරෝනා අවධානම හේතුවෙන් ජෛව ආරක්ෂණ බුබුලක් යටතේ තරගාවලිය පැවැත්වෙනු ඇති.
එක්දින තරග 03 සැප්තැම්බර් 02- 04 හා 07 දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග සැප්තැම්බර් 10-12 හා 14 යන දිනවලදි පැවැත්වෙනු ඇති.
