දක්ෂිණ අධිවේගී මාර්ගයෙ ගැළණිගම පිවිසුම අසල මිල්ලනියේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් පියා සහ දියණිය මියගොස් මව සහ තවත් දියණියක තුවාල ලබා තිබෙනවා.
අද අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇති පියාගේ වයස අවුරුදු 39 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 03 ක්.
තුවාල ලබා ඇති මව සහ අනෙක් දියණිය හොරණ සහ නාගොඩ රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කලා.
මෝටර් රථයේ ඔවුන්ගේ තවත් ඥාතියෙකු ගමන් කර ඇති අතර එම පුද්ගලයාට කිසිදු හානියක් සිදුවී නැහැ.
මෙම අනතුර හමුවේ අධිවේගී මාර්ගයේ රිය ධාවනයට කිසිදු බාධාවක් නොමැති බවයි අධිවේගි මාර්ග තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කලේ.