තෛපොංගල් හින්දු ආගමික උත්සව දිනය නිමිත්තෙන් බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි මත්පැන් හල් වසාතැබීම.
2023.01.15 වන දිනට යෙදී ඇති තෛපොංගල් හින්දු ආගමික උත්සව දිනය නිමිත්තෙන් පහත දැක්වෙන ප්‍රදේශවල පිහිටි සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසාතැබීම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කර ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ.
පළාත | දිස්ත්‍රික්කය | මත්පැන් හල් වසාදැමිය යුතු ප්‍ර දේශ |
ඌව පලාත | බදුල්ල දිස්ත්‍රික්කය | මහියංගනය, රිදීමාලියැද්ද හැර අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් සියඵම මත්පැන් හල්. |
මධ්‍යම පලාත | නුවරඑළිය දිස්ත්‍රික්කය | නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි සියඵම මත්පැන් හල්. |
කපිල කුමාරසිංහ
අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් / ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම් (රා.ආ.),
සුරාබදු කොමසාරිස් / ආදායම් මෙහෙයුම්,
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක.
