තේ වගාව සදහා රසායනික පොහොර භාවිත කිරීමට අවසරදීමට පෙර ඒ සදහා අධ්‍යයනයක් කිරීමට කමිටුවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ නිළධාරි මණ්ඩලයක් මේ සදහා පත්කරන ලෙස, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ජනාධිපතිවරයා ඊයේ උපදෙස් දුන් බවයි අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.
තේ වගාව සදහා රසායනික පොහොර භාවිතයට අවසරදීමට රජය තීරණය කර ඇත්දැයි, මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර චීන සමාගමකින් මෙරටට කාබනික පොහොර ආනයනය කිරීම අත්හිටුවීමට රජය ගත් තීරණය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නොවන බව බව ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී අවධාරණය කළා.
අදාල පොහොර සාම්පල ප්‍රමිතියෙන් තොරවීම හමුවේ එම කාබනික පොහොර ආනයනය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් යළිත් වරක් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදාල සමාගමට හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියා.