රටතුල ඉන්ධන හිගවීමේ කිසිදු අවධානමක් නොමැති බැවින් ඉන්ධනහල් අසළ එක්රැස් වීමෙන් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි මේ බව අවධාරණය කලේ.
තෙල් පිරිපහදුවේ නිශ්පාදන කටයුතු නැවතා දැමුවේ ඩොලර් හිගයක් පවතින නිසානම් පිරිපහදු කල ඉන්ධන ඩොලර් ගෙවා මිළදී ගන්නේ කෙසේදැයි සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කලා.
විපක්ෂ නායකවරයාගේ පැණයට පිළිතුරු දෙමින් මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කලේ ඉන්ධන පිළිබද කිසිදු අර්බුධයක් රටතුල නොමැති බැවින් ජනතාව ඒ පිළිබද කලබලයට පත්නොවිය යුතු බවයි.
රටතුල ව්‍යාජ ඉන්ධන හිගයක් ඇති කිරීමට විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු තරමින් පවතින බවටද අමාත්‍යවරයා එහිදී චෝදනා කලා.