අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
ඉන්ධන හිඟයක් ඇති වේයැයි කිසිදු කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ නැවත වතාවක් පෝලිම් යුගයක් වෙත ජනතාව රැගෙන නොයන බවය.
මේ අතර වසර 4කට පසුව ඉහළම සංචිත ප්‍රමාණයක් ඉන්ධන වශයෙන් ලංකාව සතුව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“කලබලයක් ඇති කරගන්න එපා ඉන්ධන හිඟයක් ගැන. අපි ඉන්ධන හිඟයක් ඇති වෙන්න කටයුතු කරන්නේ නෑ…බොහෝදෙනෙක්ට මාර්තු අප්‍රේල් වෙද්දි මේ අත්දැකීම තිබුණා අපිට තිබුණේ ඉන්ධන පෝලිම අත්දැකීම. ඒ අවුරුද්දකට පස්සේ, ඉන්ධන පෝලිම නැති කරගෙන, අඛණ්ඩව විදුලි බලය ලබාදෙමින් මේ රටේ සංවර්ධනය ඉදිරියට යන මොහොතක නැවත වතාවක් පෝලිම් ඇති කිරීමට, හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්න අපි දෙන්නේ නෑ. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කලබල වෙන්න එපා. අපේ සංචිතවල මම විශ්වාස කරනවා අවුරුදු 4ක – 5ක කාලය තුළ තිබුණු ඉහළම සංචිත ප්‍රමාණය ඉන්ධන වශයෙන් මේ වනවිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙත්, ලංකා IOC සමාගම තුළත් තියෙනවා. ඇනවුම් කරලා තියෙනවා අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන්. එයට අවශ්‍ය මුදල් ටික අපි ලබාගෙන තියෙනවා. ඒ නිසා කිසිම ආකාරයක බියක් පළ කරගත යුතු නෑ ඉන්ධන හිඟයක් පිළිබඳ. ඊයේ දවසේ කාරණා කිහිපයක් තියෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාව නිසා යම් බියකට ජනතාව පත්වුණා. දෙවැනි කාරණාව ඉන්ධන පිරවුම්හල්හිමියනුත් කොටසක් ඉන්නවා ඉන්ධන මිල වෙනස් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක. අප්‍රේල් මාසයේ මිල සංශෝධනයක් කළ යුතුයි. ඒ අනුව අප්‍රේල් මාසයේ සංශෝධනය බලාපොරොත්තුවෙන් අලාභයක් හේතුවෙන් ඇනවුම් නොකර ඉන්නවා. ඔවුන් ගිවිසුම් ගත වෙලා ඉන්නෙත් ඔවුන් පවත්වාගෙන යා යුතුයි අවම ඉන්ධන තොගයක් ඔවුන්ගේ ගබඩා තුළ. ඒ නිසා ඒක පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලා නැවත වතාවක් ඉල්ලනවා. ඇනවුම් සිදුකරන්න ඒ අනුව අපිට බෙදාහැරීම සිදුකරන්න පුළුවන්. පොලීසිය, විශේෂ කාර්ය බළකායේ සහාය යටතේ මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා…”
