මෙම සතියේ සහ ලබන සතියේ පෙට්‍රල් – ඩීසල් සහ බොරතෙල් රැගත් නෞකා පැමිණෙන බවට ප්‍රකාශ කර තිබූ සැපයුම්කරුවන් විසින් ඒවා නිසි පරිදි ලබාදිය නොහැකි බවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවට දැනුම් දී තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කලේ බැංකු සහ ප්‍රවාහන ගැටලු කිහිපයක් ඊට හේතුවී ඇති බවයි.
මීලග ඉන්ධන රැගත් නෞකා පැමිණෙන දිනයක් ප්‍රකාශ කල නොහැකි බවද අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් සටහනක සඳහන්.
පවතින තත්වය විසඳාගන්නා තුරු පිරිපහදු කටයුතු අත්හිටුවීමටද සිදුව තිබෙනවා.
දැනට සිටින සහ නව සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියාසිටියේ.
මීලග ඉන්ධන නෞකා පැමිණෙන තුරු ප්‍රමුඛතාවය ලබාදෙන අංශ කිහිපයක්ද අමාත්‍යවරයා විසින් අනාවරණය කලා.
ඒ අනුව පොදු ප්‍රවාහනය – විදුලි උත්පාදනය සහ කර්මාන්ත කටයුතු සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛතාවය හිමිවනු ඇති.
ඩිසල් සහ පෙට්‍රල් සීමිත තොගයක් සීමිත පිරවුම්හල් සංඛ්‍යාවකට පමණක් ලබන සතිය පුරා මුදා හැරෙනු ඇති.
එබැවින් ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.