යම් දේශපාලන පක්ෂයක සාමාජිකයන් ආණ්ඩුවෙන් ඉවත් වුවද බහුතර බලය ආණ්ඩුව සතු බවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලය අහිමිවන බවයි මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් ශෙහාන් සේමසිංහ මහතාගෙන් විමසීමක් කළා.