තුන්වන මාත්‍රාවක අවශ්‍යතාවයක් පෙණුනහොත් එය ලබාදීමටද සූදානම් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
ලෝකයේ පවතින ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට දැනට පවතින හොඳම උපක්‍රමය එන්නත්කරණය බවද මෙරටදී ලබාදෙන එන්නත් සියල්ලකින්ම 95% ත් 96% ක ආරක්ෂාවක් සැළසෙන බවද ඔහු සඳහන් කලා.
දෙවන එන්නත් මාත්‍රාවද ලබාගෙන සති දෙකක් සම්පූර්ණ වීමෙන් පසු පූර්ණ ප්‍රතිශක්තිකරණයක් සැළසෙන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.
මෙරට වයස අවුරුදු 30 ට වැඩි සියලූදෙනාගෙන් 96% කට එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදී අවසන් බවද, දෙවන මාත්‍රාව ලබාදී ඇත්තේ 25% කට පමණක් බවද, පළමු මාත්‍රාව දුන් සියල්ලන්ට මෙම මාසය ඇතුළත දෙවන මාත්‍රාව ලබාදෙන බවද ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කලා.
දෙවැනි මාත්‍රාව සම්පූර්ණ නොමැති තත්ත්වයක ලෝක ප්‍රජාවට 03 වන මාත්‍රාවක් නියම කිරීම හෝ එහි අවශ්‍යතාවයක් පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී ප්‍රකාශ කර නොමැති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියාසිටියා.
දෙසැම්බර් මාසය වන විට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 18 ක් ලබාගැනීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කලා.
වයස අවුරුදු 30 ට අඩු අයටද එන්නත ලබාදීම මෙම මාසයේ මැද භාගයේදී ආරම්භ කරන බවයි ඔහු අවධාරණය කළේ.
මුල් කොවිඩ් ප්‍රභේදවලට වඩා ඩෙල්ටා වෛරසය සිය ගුණයක පමණ වේගයකින් පැතිර යන බවයි මෙහිදී සඳහන් කෙරුණේ.
