සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ

    දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

    ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

    එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!

    ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

    උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?

    21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ

    දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

    ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

    එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!

    ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

    උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?

    21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

තිස්සකුට්ටි ගේ කථාවට දසතින් දොස් – පියවරක් ගන්නැයි පොහොට්ටු ලොක්කන්ට බලපෑම්

Shamil Fernando by Shamil Fernando
6 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
අල්ලස් දී ඡන්දය දිනූ පුංචි ආණ්ඩුවක මන්ත්‍රී කෙනෙකු දොට්ට
0
SHARES
28
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

පාර්ලිමේන්තුව  කාන්තා ගෞරවය සුරකින කේන්ද්‍රස්ථානය බවට පත්කළ යුතුය

ශ්‍රී ලාංකේය දේශපාලන සංදර්භයෙහි වඩාත් කැපී පෙනෙන සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ දිගුකාලීනව විකාශනය වී ඇති අනගි පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පැවතීමයි. මෙරටේ ස්ථාපිත පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ රටවැසියන් තුළ ඇත්තේ පහසුවෙන් නොනැසෙන ගෞරවනීය ආකල්පයකි. එහෙත් එය මෑත කාලීනව වියැකී යමින් පවතින අතර  ඒ කෙරෙහි ප්‍රබල හා  කර්කශ විවේචන සමුදායක් ද එල්ල වෙමින් පවතී.  කරුණු එසේ වුවත් අප පාර්ලිමේන්තුව තම ආරම්භක කාල සමය තුළ ඉමහත් අභිමානයක් ගොඩනඟා ගනු ලැබුවේ පරම්පරා කිහිපයක පුරවැසි සිතුම්පැතුම් කෙරෙහි ලාලසාත්මක දේශපාලන බැඳීමක් හා ජීවයෙන් පිරුණු ව්‍යවස්ථාදායකයක් උදෙසා ඇදහිය නොහැකි කැපවීමක් කල ව්‍යවස්ථාදායකය සැරසූ  විදග්ධ සාමාජිකයන් පිරිසකගේ මාහැඟි නියෝජනයේ පිහිටෙනි. කලක් අප පාර්ලිමේන්තුව සරසවියක පැවතිය යුතු ප්‍රබුද්ධ හා තර්කානුකුල දේශපාලන දැනුම එක්තැන් කල තෝතැන්නක් වුවද, අද අප සතුව ඇත්තේ එකී අභිමානය  පිළිබඳ මතකාවර්ජනයක් පමණි.

එවන් ඛේදනීය අන්තයක් වෙත අප පාර්ලිමේන්තුව ගමන් කිරීමෙහිලා බලපෑ සාධක ගණනාවක් පැවතියද ඉන් ප්‍රමුඛතම සාධකය වන්නේ පාර්ලිමේන්තුව වෙත ඡන්දදායකයන් ඉමහත් හරසරින් තෝරාපත්කොට යවන ලද නියෝජිතයන්ගේ නොගැඹුරු හා ලාමක දේශපාලන භාවිතාවය යන්න අවිවාදාත්මක කරුණකි. මෙරටේ සෑම සමාජ සංස්ථාවක්ම පාහේ යම් පරිහානිගත ලක්ෂණ විදහාපාන මෙවන් සමයක පාර්ලිමේන්තුව මඟින් පමණක් ආශ්චර්යයක් පැතිය නොහැකි බව සැබෑවකි. එනමුත් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් තුළ අවශ්‍යයෙන්ම පැවතිය යුතු පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟවීමේ හා සහෝදර මහජන නියෝජිතයන් වෙත  සහෝදරත්වයෙන්  ආමන්ත්‍රණය කිරීමේ උතුම් පිළිවෙත සාහසික ලෙස උල්ලංඝනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අනිසි හැසිරීම සැබවින්ම ඛේදනීය සමාජ හා දේශපාලන සංසිද්ධියකි. මෙකී කරුණ පිළිබඳව මාර්තු 12 ව්‍යාපාරයේ බලවත් අවධානය යොමුව පවතී.  ඒ කෙරෙහි අප අවධානය වඩාත් යොමුවීමට බලපෑ ආසන්නතම හේතුව වන්නේ අප ස්වේච්ජා ව්‍යාපාරය ඇරඹුමේදී පටන් ප්‍රවර්ධනය කරන ලද එක් මූලික සංකල්පයක් වූයේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟිය හැකි යහපත් අපේක්ෂකයන් තෝරා ගන්නා ලෙස ජන්දදායකයන්ගෙන් ඉල්ලා සිටි බැවිනි.

මීට අදාළ ආසන්නතම සිදුවීම නම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහත්මා  මෙරටේ 76 වැනි අයවැය විවාදය හා එක්වෙමින් පලකළ අදහස් මඟින්  තම සහෝදර මහජන නියෝජිතවරියක් වන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරී විජේරත්න මහත්මිය කෙරෙහි නිශේධනාත්මක මෙන්ම අවමන්සහගත ප්‍රකාශ කිහිපයක් සිදුකිරීමයි. ඇය පෙරදින ඉදිරිපත් කරන ලද ප්‍රකාශය හමුවේ කවර හෝ පිළිවදනක් දීම තිස්සකුට්ටිආරච්චි මහත්මා සතු පාර්ලිමේන්තු වරප්‍රසාදයක් වුවද, බැලූබැල්මට ඇය කෙරෙහි ද්වේශසහගත ප්‍රතිෂ්ඨාවක් ජනිත වන සේ අවමන්සහගත වදන් භාවිතය ඔහු වැනි ජනතා නියෝජිතත්වය දරන  මන්ත්‍රීවරයෙකුට නොව වෙනත් කිසිදු  පාර්ලිමේන්තු නියෝජනයක් සහිත දේශපාලන පක්‍ෂ නායකයෙක් හෝ පාර්ලිමේන්තුවෙන් ඔබ්බේ සාමාන්‍ය පුරවැසියෙක් හෝ අභ්‍යාස නොකළ යුතු වැරදි භාවිතාවකි.

එමඟින් සිදුවන්නේ මෙරටේ ජනතාව පාර්ලිමේන්තුව නිසරු තැනක්ය යනුවෙන් නිරතුරු නිමන්ත්‍රණය කරන ප්‍රකාශය වැඩිවැඩියෙන් සනාථ කිරීමකි. එහි වඩාත් හාස්‍යජනක මෙන්ම පුදුම සහගත  නිරීක්ෂණය වන්නේ තිස්සකුට්ටිආරච්චි මහත්මා සභාව අමතන කල මුලාසනය අරා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්‍ෂ මහත්මා මන්ත්‍රීවරයා වෙත ලබාදුන් නිහඬ සහයයි. එවැනි නිෂ්ක්‍රිය භාවිතාවන් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම ගරු කතානායකවරයාගේ පරම වගකීමක්  බව මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කර සිටින අතරම පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරැකීමේ හා මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීමේ අභිමානවත් කාර්යයට නායකත්වය දිය යුත්තේද එතුමන්මය.

ඒ අනුව මෙය එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉලක්ක කරගනිමින් සිදුවු හිංසාකාරී යමක් නොව කලක් තිස්සේ මෙරටේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ ක්‍රමික පරිහානියේ එක් කේන්ද්‍රීය ලක්ෂණයක් බව අපගේ අදහසයි. මෙලෙස වෛරීසහගත මෙන්ම හිස් ප්‍රලාප සමාජගත කිරීම අනාගත මැතිවරණ කෙරෙහි පමණක් නොව සාමාන්‍ය සමාජ චර්යාවන් කෙරෙහිද අහිතකර ලෙස බලපෑ හැකි බැවින් මාර්තු 12 ව්‍යාපාරය පහත දැක්වෙන කරුණු  ත්‍රිත්වය මෙහිලා අවධාරණය කිරීමට තීරණය කොට ඇත.

01. තම අවමන් සහගත ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කරගැනීමට අදාළ මන්ත්‍රීවරයා වහා පියවර ගත යුතු අතර එම  පරිභව කිරීම වෙනුවෙන් ඊට ඉලක්ක වූ මන්ත්‍රීවරිය  වෙත කණගාටුව පලකළ කිරීමට තරම් ඔහු නිහතමානී විය යුතුය.

02. එවන් අවාසනාවන්ත මෙන්ම කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය දුර්මුඛ කරන ආකාරයේ පිළිවෙත් තමන් අනුමත නොකරන බව ගරු කතානායකතුමන් සිය  ප්‍රායෝගික භාවිතයෙන් ම පාර්ලිමේන්තුව වෙත පෙන්වා දීමට ක්‍රියා කල යුතුය.

03. අදාළ මන්ත්‍රීවරයා පිළිබඳ නිසි  විනය පරික්ෂණයක් සිදුකොට අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පක්‍ෂ නායකත්වය හා පොදුවේ පක්‍ෂ සාමාජිකත්වය වහා ඉදිරිපත් විය යුතුය.

ඉහත සඳහන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය  කිරීමෙන් තොරව මෙරටේ පාර්ලිමේන්තුව කෙරෙහි නිරායාසයෙන් පැවතිය යුතු ජනතා ගෞරවය නැවත දිනාගැනීම එතරම් පහසු නොවන බව නැවතත් අවධාරණය කල යුතුව ඇත. තවද  ශිෂ්ඨසම්පන්න රටක් බිහිකරගැනීම සඳහා වන අඛණ්ඩ පුරවැසි අභිලාශය සමහන් වනු ඇත්තේද එලෙස ගන්නා වූ පූර්වාදර්ශ පදනම් කරගනිමින් බවද මාර්තු 12 ව්‍යාපාරයේ දැඩිව විශ්වාස කරන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු!

රෝහණ හෙට්ටිආරච්චි,
කැඳවුම්කරු, (මෙහෙයුම් කමිටුව වෙනුවෙන්)
මාර්තු 12 ව්‍යාපාරය

Shamil Fernando
Shamil Fernando
Tags: කාන්තා ගෞරවයජානක තිස්සකුට්ටිආරච්චිපාර්ලිමේන්තුවමාර්තු 12 ව්‍යාපාරයරෝහිණි කවිරත්නරෝහිණි කුමාරී විජේරත්න
Previous Post

තේ පොහොර සඳහා සහනාධාර ක්‍රමයක් ඉල්ලයි

Next Post

රාජා කොල්ලුරේ ඉවත්කිරීම වළකන වාරණය යළි දීර්ඝ කෙරේ

Shamil Fernando

Shamil Fernando

Related Posts

දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ
කාළගුණය

දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

by Shamil Fernando
May 19, 2022
දේශීය

ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

by Sudari Silva
May 19, 2022
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

by Shamil Fernando
May 19, 2022
එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!
දේශීය

ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

by Shamil Fernando
May 19, 2022
උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?
දේශීය

21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

by Shamil Fernando
May 19, 2022
Next Post
‘‘වයඹ ගුරුවරුන් 21 පාසල් නාවොත් පඩි කපනවා‘‘

රාජා කොල්ලුරේ ඉවත්කිරීම වළකන වාරණය යළි දීර්ඝ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ යුක්රේනය විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In