හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවයේ යෙදෙමින් සිටියදී මියගිය දැරිය එම නිවසට රැගෙන ආ තැරැව්කරු විසින් මීට පෙරද අවස්ථා කිහිපයකදී බාලවයස්කාර දරුවන් සහ තරුණියන් 10 දෙනෙක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ ඥාතීන් වෙත ලබාදී ඇතැයි අධිකරණයේදී හෙළිවී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මෙනෙවිය ඉදිරියේ අද මේ බව අනාවරණය කලා.
මේ අතර මියගිය දැරියගේ මව විසින් සැකකාර තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් තිස්පන්දහසක ණය මුදලකට හිලව් වශයෙන් දැරිය අදාල තැරැව්කරු වෙත භාර දී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.
මියගිය දැරියගේ මරණය සියදිවි නසාගැනීමක්ද / මනුශ්‍ය ඝාතනයක්ද සම්බන්ධයෙන් සොයා බැලීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද පත්කර ඇතැයි අධිකරණයේදි හෙළිවූ බවයි නිව්ස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
