ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් විසින් ඊයේ පස්වරු 04ට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි.
එම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රී 12 දක්වා පැවැත්වෙන බැවින් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබද කණගාටුවට පත්වන බවයි තැපැල් සේවකයින් පවසන්නේ.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තැපැල් හා විදුලි සංදේශ සේවා වෘත්තීය සමිති සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා නිව්ස් රේඩියෝ වෙත මෙලෙස අදහස් පළ කලා.