ඒකාබද්ධ තැපැල් වෘත්තිය පෙරමුණ අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි දැනුම්දී ඇති බවත් සේවය පවත්වාගෙන යෑම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240 ක උපරිම අතිකාල දීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
සේවය පවත්වාගෙන යෑම සදඟා සියලුම සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී ඇති බව ද ආරියරත්න මහතා දුරටත් කීය.
