ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට පැය 32 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තිය සමිති තීරණය කර තිඛෙනවා.
ඒ අනූව අද පස්වරු 04 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ.
කෙසේවෙතත් අද පෙරවරුවේද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඔවුන් සදහන් කලා.
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට සහ ආයතනයට බලපාන ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණිනුයි මෙම වර්ජනය සැළසුම් කර ඇත්තේ.
මේ ඒ පිළිබද නිව්ස් රේඩියෝවට කරුණු පැහැදිලි කරන තැපැල් හා විදුලි සංදේශ සේවා වෘත්තීය සමිති සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා.