පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාරදීම ලබන 21 වැනි දා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, මාර්තු මාසය ඇතුළත තැපැල් ඡන්ද විමසීම සිදු කරන බවයි.
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
මේ අතර රජයේ මුද්‍රණාලය පැවසුවේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු මැතිවරණයේ සෙසු මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන්නැයි ඉල්ලා අද දිනයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමු කරන බවයි.
මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 400 කට අධික මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බව එහි ජ්‍යේෂ්ඨ නිලධාරීනියක පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය යළි ආරම්භ කරන බව ඇය ප්‍රකාශ කළා ය.
රජයේ මුද්‍රණාලය පැවසුවේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය අතිරේක ආරක්ෂාව ලබා දෙන්නැයි පොලිස්පතිවරයාගෙන් ද අද දිනයේ ඉල්ලීමක් කරන බවයි.
මේ වනවිට දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය සඳහන් කළේ ය.
