පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අදාළ මුදල් නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.
තැපැල් ඡන්ද බෙදාහැරීම හෙට දින මධ්‍යස්ථාන 1,116 කදී සිදුකිරීමට කටයුතු යොදා තිබූ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබුණේ මේ මස 22, 23 සහ 24 යන දිනවලයි.
මේ අතර මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර අද පැවැති සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් කතාබහට ලක්ව තිබෙනවා.
