තැනින් තැන ගොස් රජය විවේචනය කරමින් නොසිට පක්ෂ නායක රැස්වීමේදී නිළ වශයෙන් දන්වා ගෞරවාන්විත ආකාරයෙන් රජයෙන් ඉවත්වන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දෙනවා.
නොඑසේනම් ආණ්ඩුව විවේචනය නොකර සාමුහික වගකීම ආරක්ෂා කරමින් රට පවත්වාගෙන යාම සදහා සහයෝගය ලබාදිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
අද දිනයේදී මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.