ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාද, ඉඩම් කොමසාරිස්වරයාද, ලංකා ඛණිජ තෙල් සංස්ථාව – අයි ඕ සී සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගමද මීට අත්සන් තබා ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා සඳහන් කලේ.