ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා – මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා – බලශක්ති අමාත්‍යවරයා ඇතුලු පාර්ශව 47 ක්.
ඊයේ රාත්‍රියේ අත්සන් තබන ලද අදාළ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි උදිත හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.
මෙවැනි තීරණයකට එළැඹමට අමාත්‍ය මණ්ඩලයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම ගිවිසුම අත්සන් කළ ආකාරය ද නීතියට පටහැනි බව පවසයි.
මෙම ක්‍රියාව හරහා අමාත්‍ය මණ්ඩලය විසින් මහජනතාව, රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය උල්ලංඝනය කර තිබෙන බවත් නීතියේ ආධිපත්‍යය බිඳහෙළීමට කටයුතු කර ඇති බවත් පෙත්සමින් චෝදනා කර තිබුණි.
ඒ අනුව නීතියට පරිබාහිරව ගොස් අත්තනෝමතික ආකාරයෙන් සිදුකර ඇති මෙම ගිවිසුම හා අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙස එම පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ප්‍රශ්නගත අමාත්‍ය මණ්ඩල තීරණය හා ගිවිසුමේ පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (3) උප වගන්තිය ප්‍රකාරව විශේෂ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.