ත්‍රිපිටක සංරක්ෂණ පණත් කෙටුම්පත පිළිබද නිර්දේශ හා නිරීක්ෂණ අනිද්දාට පෙර යොමුකරන්නැයි බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙනවා.
පණත් කෙටුම්පත අන්තර්ජාලයේ පළ කර ඇති අතර ඒ පිළිබද නිරීක්ෂණ හා නිර්දේශ විද්‍යුත් තැපෑල ලිපිනයට යොමුකළ හැකියි.
මේ පිළිබද විද්වත් කමිටු සාකච්ඡාවක් අගොස්තු 05 වනදා සිට 07 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන අතර අගොස්තු 06 වනදා පෙරවරු 9 සිට පස්වරු 03 දක්වා එම ස්ථානයේ සිටින නිලධාරින් හටද අදාල නිර්දේශ හා නිරීක්ෂණ ගෙනවිත් භාරදිය හැකියි.
