ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සදහා අත්සන් තැබුනු නව ගිවිසුම පිළිබද ගැටළු ගණනාවක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා.
නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාල තෙල් ටැංකි සංකීර්ණයට යම් ආයෝජනයක් සිදු කෙරුණාද යන්න අපැහැදිලි කරුණක් බවයි.