ත්රිරෝද රථ සඳහා වන ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබේ.
මෙහි ප්රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්රියාත්මක කිරීමට නියමිතව ඇත.
බස්නාහිර පළාතේ ත්රිරෝද රථ ලියාපදිංචිය නොවැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන අතර නව වැඩි කරන ලද කෝටාව සඳහා QR කේතයට ඉන්ධන සැපයීම නොවැම්බර් 06 වැනිදා සිට ආරම්භ වන බව ජනාධිපති කාර්යාලය පවසයි.
අනෙකුත් පළාත්වල අදියර වශයෙන් මෙය ක්රියාත්මක කෙරෙයි.
