යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එහි දැක්වෙන්නේ අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්රජාතන්ත්රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවය.
ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ඉන් දන්වා තිබේ.
පුළුල් සමාජ සංවාදයක් ඇතිකර විශේෂඥ මණ්ඩලයක් හරහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නුසුදුසු වගන්ති ඉවත් කර සකස් කරන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා තිබේ.
ජනාධිපතිවරයා වෙත ඒකාබද්ධ සංදේශයක් යවමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ බරපතළ සැක සංකා මතු කිරීමට හේතුවිය හැකි බවයි.