ඉන්ධන මෙටි්‍රක් ටොන් 37,500 ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිඛෙනවා.
කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියාසිටියේ ඉන් මෙටි්‍රක් ටොන් 10,000 ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදීමට තමන් උපදෙස් දුන් බවයි.
අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව දින 08 කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවයි.
මෙම ඉන්ධන තොගය දින 08 කට පමණක් ප්‍රමාණවත් වන බැවින් එම කාලසීමාවෙන් පසු කුමන තත්වයක් නිර්මාණය වේ දැයි මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්ණ කළා.
විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබද ජනතාවට පූර්ව දැනුම්දීමක් කරන බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කියා සිටියේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කැබිනට් මණ්ඩලය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේ.