තවදුරටත් ලිහිල් කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට දිනයේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා ආසාධිතයන්ට නිවෙස්තුල ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
නිවාස තුල ප්‍රතිකාර ලැබු එක්ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මේ වන විට සුවය ලබා ඇතැයිද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
සෞඛ්‍ය වෘත්තියවේදින් විසින් දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටවු වර්ජනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙලෙස ප්‍රතිචාර පළ කළා.