මෙරටතුල ඊයේ දිනයේදී පුද්ගලයින් හාරලක්ෂ දාහත්දහස් අටසිය පහලොස් දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත දී තිබෙනවා.
ඊයේ දින වැඩියෙන්ම භාවිතයට ගෙන ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර එහි පළමු මාත්‍රාව තුන්ලක්ෂ හතලිස් හතරදහස් හාරසිය පනස් අට දෙනෙකුටත් දෙවන මාත්‍රාව තිස් දෙදහස් දෙසිය අසූඅට දෙනෙකුටත් එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කර ඇති එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ෆයිසර් එන්නත හතලිස් නව දහස් දොලොස් දෙනෙකුටත් මොඩර්නා එන්නත 157දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
මේ අනුව අදවනවිට මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරටතුල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව දහනව ලක්ෂ අනූ හතරදහස් තුන්සිය අසූ හතර දක්වා ඉහළ යනු ඇති.