මෙරටතුල ඊයේ (27) දිනයේදී පුද්ගලයින් තුන්ලක්ෂ අසූ දහස් හාරසිය හැට තුන්දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත දී තිබෙනවා.
ඊයේ (27) දින වැඩියෙන්ම භාවිතයට ගෙන ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර එහි පළමු මාත්‍රාව 338,914 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 28,054 දෙනෙකුටත් එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කර ඇති එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 13,465 දෙනෙකුට ලබා දී තිබෙනවා.
ඊයේ දිනයේදී ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දී ඇත්තේ 30 දෙනෙකුට පමණයි.
මේ අනුව අදවනවිට මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරටතුල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,886,930 දක්වා ඉහළ යනු ඇති.