මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් තුන් ලක්ෂ හැත්තෑ තුන් දහස් හයසිය හැට එක් දෙනෙක්ට ඊයේ එන්නත් ලබාදි තිඛෙනවා.
ඒ කොවිෂිල්ඩ් පළමු මාත්‍රාව 22939 ක් එහි දෙවැන්න 1086 ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 66722 ක් / එහි දෙවැන්න දෙලක්ෂ හැත්ත හය දහස් හාරසිය හැත්ත හයක් / ෆයිසර් පලමුවැන්න 164 ක් හා එහි දෙවැන්න 6274 ක් වශයෙන්.
සමස්ථයක් ලෙස මෙරට දොලොස් ලක්ෂ හැත්ත හය දහස් හාරසිය කොවිෂිල්ඩ් එන්නත ගෙන ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ගත් සංඛ්‍යාව අට ලක්ෂ හැත්තෑ දහස් නවසයි තිස් නවයක්.
සයිනොෆාම් පළමුවැන්න අනු තුන් ලක්ෂ දහතුන් දහස් අටසිය අනු හතක් ලබාගෙන ඇති අතර එහි දෙවැන්න ලක්ෂ 33 කට අධික ජනතාවකට එන්නත් කර ඇති බවයි එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
