මෙරට තවත් එක් ලක්ෂ හතලිස් අට දහස් අටසිය දහතුනකට ඊයේ දිනයේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදී තිබෙනවා.
ඒ ඇස්ට්‍රාසෙනකා දෙවැනි මාත්‍රාව 548 ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 4616 ක් / එහි දෙවැනි මාත්‍රාව 61551 ක් / ෆයිසර් පළමු මාත්‍රාව 80990 ක් / එහි දෙවැනි මාත්‍රාව 973 ක් හා මොඩර්නා දෙවැනි මාත්‍රාව 135 ක් වශයෙන්.
ඇස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ගෙන එන්නත්කරණයට ලක්වු සමස්ථ සංඛ්‍යාව 13 ලක්ෂ 88 දහස් 700 ක්.
සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් සංඛ්‍යාව මිලියන දහයකට අධික අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා දෙකම ගත් සංඛ්‍යාව දැක්වෙන්නේ එක් ලක්ෂ 55 දහස් හයසිය පනස් හතරක් වශයෙන්.
හාර ලක්ෂ 33 දහස් හත්සිය අනු තුන් දෙනෙක් ෆයිසර් එන්නතේ මාත්‍රා දෙකම ගෙන තිබෙනවා. මොඩර්නා එන්නත් මාත්‍රා දෙකම ගත් සංඛ්‍යාව 7 ලක්ෂ හැත්තෑ එක් දහස් හයසිය තිස් දෙකක්.