ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට ළගාවී තිබෙනවා.
කටාර් හි දෝහා සිට පැමිණි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එන්නත් මාත්‍රා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බවයි ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කලේ.
කිලෝ ග්‍රෑම් 460 ක් බරැති මෙම මාත්‍රා තොගය පෙට්ටි 13 ක් තුළ අසුරා තිබුණා.
අද අලුයම 02.35 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම එන්නත් මාත්‍රා තොගය ළගාවී තිබූ බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපළ වාර්තාකරු කියාසිටියේ.
