චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා දහ අට ලක්ෂ හැට දහසක් රැගෙන බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම එන්නත් තොගය කිලෝ ග්රැම් 19 දහස් 952 ක් බරැති පෙට්ටි 60 ක් තුළ වියළි අයිස් යොදා අසුරා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළා.
චීනයේ බෙයිජිං නුවරින් අද අලූයම 01.27 ට මෙම එන්නත් තොගය රැගෙන පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අලූයම 05.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව, ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපළ වාර්තාකරු කියා සිටියේ.
