තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ලබන මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව චීනය පවසනවා.
බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කලේ එකවර ශ්‍රී ලංකාව විසින් මිළයට ගත් වැඩිම එන්නත් තොගය මෙය බවයි.
අගෝස්තු 04 වනදා සිට 08 වනදා දක්වා කාලය තුලදී මෙම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
මේ අනුව ශ්‍රී ලංකාව විසින් මිළදී ගෙන ඇති මුලු සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 12 ක් දක්වා ඉහළ යනු ඇති.
චීනය විසින් තවත් මාත්‍රා ලක්ෂ 27 ක් පරිත්‍යාග කරනු ලැබුවා.
