මෙරට තවත් පුද්ගලයින් 03 ලක්ෂ 60 දහස් 693 දෙනෙකු සඳහා ඊයේ කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 39 දහස් 361 ක් / එහි දෙවන මාත්‍රාව 247 දෙනෙකුටත් / සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අසූ එක් දහසක් / එහි දෙවන මාත්‍රාව දෙලක්ෂ 28 දහස් 790 දෙනෙකුටත් ලබාදී තිබුණා.
ෆයිසර් පළමු මාත්‍රාව 85 දෙනෙකුටත් / ෆයිසර් දෙවන මාත්‍රාව 8 දහස් 325 දෙනෙකුටත් – මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව දෙදහස් 885 දෙනෙකුටත් ඊයේ දින ලබා දී තිබෙනවා.
මේ අනුව මෙරටදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් කෝටි 53 ලක්ෂ 10 දහස් 726 දක්වා ඉහළ යනු ඇති.