මෙරට තවත් පුද්ගලයින් හැත්තෑ දෙදහස් හාරසිය හැත්තෑ පස්දෙනෙකුට ඊයේ (01) දිනයේදී කොවිඩ් මර්දන එන්නත් දී තිබෙනවා.
ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව 4512 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 4052 දෙනෙකුටත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 18 දහස් 593 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 05 දෙනෙකුටත් ඊයේ දින ලබා දී ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ස්පුට්නික් – V එන්නතේ පළමු මාත්‍රාව 5 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 980 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 73 දෙනෙකුටත් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 3980 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 195 දෙනෙකුටත් ඊයේ එන්නත් කර තිබෙනවා.
මේ අනුව කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීමෙන් මෙරට තුල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලූ සංඛ්‍යාව එක්කෝටි දහඅට ලක්ෂ විසි එක්දහස් පන්සිය අනූ හතරක්.
ඊයේ දිනය වනවිට මෙරටදී භාවිතයට ගෙන ඇති සමස්ත කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව දෙකෝටි හැට තුන්ලක්ෂ හැත්තෑ හයදහස් අටසිය නවයක්.