තවත් පුද්ගලයින් තුන්ලක්ෂ අසූ හතරදහස් අනූ එක් දෙනෙකුට ඊයේ (29) දිනයේදී කොවිඩ් මර්දන එන්නත් දී තිබෙනවා.
ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 6577 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 508 දෙනෙකුටත් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 24,194 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව දෙලක්ෂ පනස් හතරදහස් හත්සිය අනූ හතරදෙනෙකුටත් ඊයේ දිනයේදී එන්නත් කර ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 3020 දෙනෙකුටද එහි දෙවන මාත්‍රාව 45,470 දෙනෙකුටද මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 8 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 49,520 දෙනෙකුටත් ඊයේ දිනයේදී එන්නත් කර තිබෙනවා.
මේ අනුව ඊයේ වනවිට මාත්‍රා දෙකම ලබා ගනිමින් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 6,464,296 ක්.
එමෙන්ම කුමන හෝ එන්නත් වර්ගයකින් පළමු එන්නත හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව 12,255,000 ඉක්මවා තිබෙනවා.